හෙට විදුලි කප්පාදුවක් සිදු වන්නේ නැහැ – ලංවිම
හෙට (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල මණඩලය පවසනවා.
ඒ අනුව පොහොය දිනයක් වීම හේතුවෙන් පවතින අඩු ඉල්ලුම සැලකිල්ලට ගෙන විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි.චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව…
“ස්වාධීනත්වය යනු ස්වෛරීත්වය පමණක් නොවේ. එය ගෞරවය, යුක්තිය සහ පීඩාවෙන් තොර ජීවිතයක් සඳහා ඇති අයිතියයි. අද, අපි අපේ ගමන ගැන මෙනෙහි කරන විට, සැබෑ නිදහස ලැබෙන්නේ වාර්ගික, ආගම, කුල, ස්ත්‍රී පුරුෂ භාවය හෝ පන්ති භේදයකින් තොරව සෑම ප්රජාවකටම මේ ජාතිය හැඩගැස්වීමේදී සමාන කොටස් හිමිවන සහ අගය සහ ගෞරවය දැනෙන සියලු දෙනා ඇතුළත් සහ සාධාරණ සමාජයකින්…
අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මියගොස් තිබෙනවා. අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
ගම්පොල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට ඔහුගේ බිරිඳට සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය වසර අට බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ හෙරොයින් ජාවාරම හරහා දේපළ රැස්කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් විය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (ජනවාරි 15) තීන්දුව ප්‍රකාශයට පත් කළේය. සිර දඬුවමට…
රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් අධිකරණයට ගෙන ඒමේදී දම්වැලකින් බැඳ නොතැබිය යුතු බව අවධාරණය කරමින් ඔවුන්ට ගෞරවයෙන් සලකන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයන් ගෞරවය ලැබිය යුතු මනුෂ්‍යයන් බව මහේස්ත්‍රාත්වරයා නිලධාරීන්ට සිහිපත් කළේය. ඔහු මෙම ප්‍රකාශය කළේ දම්වැල්වලින් බැඳ උසාවියට රැගෙන ආ සැකකරුවන් පිරිසක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය….