2025 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු 31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 වසර සඳහා වන නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිත අතර මෙය එම ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණයද වේ.

මෙවර ඡන්ද සංඛ්‍යාවද 147 සිට 60 දක්වා අඩුකර තිබෙන අතර නාමයෝජනා භාර ගැනීම ජනවාරි මස 23 දින අවසන් කරන ලදී.

වැඩි දුරටත් වාර්තා වෙන්නේ මෙවර නිලවරණය සඳහා වත්මන් සභාපති ෂම්මි සිල්වා ඇතුළු පාර්ශවය පමණක් නාම යෝජනා භාරදී ඇති බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා සඳහා වන විරෝධතා භාරදීමට ජනවාරි මස 29 වැනිදා දක්වා කාලය ලබාදී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *