පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චූන අත්අඩංගුවට

අනුරාධපුර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චූන මහතා අද (29) පස්වරුවේ යාපනයේදී විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ සැකකාර මන්ත්‍රීවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

පසුගිය ජනවාරි 20 වැනිදා අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මන්ත්‍රීවරයාට එරෙහිව පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ අතර සිද්ධියට අදාළ කරුණු අනුරාධපුර පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. නඩුව පෙබරවාරි 3 දක්වා කල් තැබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චූන මහතා සහ රඹෑව ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි රථවාහන පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත්තේ හිටපු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට යමින් සිටියදී බවයි වාර්තා වුණේ.

මන්ත්‍රීවරයා ප්‍රභූ ලයිට් දල්වාගෙන අනෙකුත් වාහනවලට බාධාවන අයුරින් වාහනයක් පදවාගෙන යන බව පැවසීම නිසා මන්ත්‍රීවරයා තම වාහනය නවතා පරීක්‍ෂා කළ රථවාහන පොලිස් නිලධාරීන් සමඟ උණුසුම් ගැටුමක් ඇති කරගත් බව වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *