ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික තරුණ සේවා සභාවේ (NYSC) සභාපති චින්තක දර්ශන හේවාපතිරණ මහතා ඉල්ලා අස්වී තිබේ.
ජාතික තරුණ සේවා සභාවේ 32 වැනි සභාපති/අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නීතීඥවරයා 2024 ඔක්තෝම්බර් 04 වැනි දින පත් කර තිබුණි.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරියෙකු වන ඔහු මීට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරයෙකු ලෙස සේවය කර ඇති අතර දේශපාලන විද්‍යාව සහ නීති අධ්‍යයනය පිළිබඳ රටේ ජනප්‍රියම කථිකාචාර්යවරයෙකු ලෙස පිළිගැනීමට ලක්විය.