බෞද්ධාලෝක වෙසක් කලාපයට රාජ්‍ය අනුග්‍රහය
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ නියෝජිතයින් අතර හමුවක් අද (31දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
වෙසක් උත්සවයට සමගාමීව අඛණ්ඩව 24 වැනි වරටත් සංවිධානය කෙරෙන බෞද්ධාලෝක වෙසක් කලාපය සඳහා රාජ්‍ය අනුග්‍රහය දැක්වීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. උත්සවය සඳහා සූදානම් කිරීම් ද සමාලෝචනය කරන ලදී.
බෞද්ධාලෝක වෙසක් කලාපය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම සහ දායකත්වයේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය.
මෙම රැස්වීමට බෞද්ධාලෝක වෙසක් කමිටුවේ සභාපති ඩී. උපුල් රූපසිංහ, ලේකම් එම්.වී.පී. තේනකෝන්, භාණ්ඩාගාරික සී.කේ. ගමගේ, සම්බන්ධීකාරක ඉෂාන් බුද්ධික එදිරිසූරිය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති ආචාර්ය රාණි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.