ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධූරයට නව සභාපතිවරයෙකු පත් කරයි
චින්තක හේවාපතිරණ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධූරයට නීතිඥ සුපුන් විජේරත්න මහතා පත් කර තිබේ.
ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන අතර මොරටුව තරුණ සමිති ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා සහ කොළඹ දිස්ත්‍රික් තරුණ සමිති සම්මේලනයේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.
සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ද වන සුපුන් විජේරත්න මහතා යොවුන් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කර ඇත.
තරුණ සමාජ ව්‍යාපාරය සහ යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙක් ශ්‍රී ලංකාවේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා සහ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වීම ඔහුගේ පත්වීම සුවිශේෂීය.