ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ IMF දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පවත්වා තිබෙනවා.
එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 3 ක විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන්වන සමාලෝචනයෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවට වත්මන් රජය මේ වන විටත් පැමිණ තිබෙන බවයි සඳහන් වෙන්නේ.
එම සමාලෝචනයේ කරුණු මේ වසරේ පෙබරවාරි අග වන විට IMF අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඊට අදාළව ප්‍රගතිය හා ඉදිරියට එම වැඩසටහන පවත්වාගෙන යාමේ ආණ්ඩුවේ මැදිහත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
