‘අරගලය’ සමයේ ගිනිගත් නිවාස සඳහා දේශපාලනඥයින්ට ලැබුණු වන්දිය හෙළිවේ

2022 වසරේ අරගල සමයේ ගිනි තබා විනාශ කළ දේපළ සම්බන්ධයෙන් රජයෙන් වන්දි ලබා ගත් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ නම් මෙන්ම ඔවුන්ට ලැබුණු වන්දි මුදල් ද අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් 43 දෙනෙකුට ලැබී ඇති මුළු වන්දි මුදල රුපියල් බිලියන 1.224 කි.

“අපිත් ඒ දවස්වල මාධ්‍යවල දැක්කා සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට වන්දි මුදල අධිතක්සේරු කරන්න කියලා බලපෑම් කළා,” ජයතිස්ස ඇමැතිවරයා කීවේය.

“සාමාන්‍යයෙන් අපේ රටේ ස්වභාවික විපතක් හෝ සම්පූර්ණ අලාභයක් වුවද දිය හැකි උපරිම වන්දිය රුපියල් ලක්ෂ 25 කි.

නමුත් බලයේ සිටින අය මෙම වන්දිය ලබාගෙන ඇත්තේ එලෙසයි ඔහු පැවසීය.

ඒ අනුව අමාත්‍යවරයා විසින් පහත සඳහන් නම් ලැයිස්තුව සහ වන්දි මුදල් අද සභාවේදී කියවන ලදී.

  1. කපිල නුවන් අතුකෝරල – රුපියල් 504,000
  2. විමලවීර දිසානායක – රුපියල් 550,000
  3. ගීතා කුමාරසිංහ – රුපියල් 972,000
  4. ජනක තිස්සකුට්ටිආරච්චි – රුපියල් 1,143,000
  5. ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780
  6. ප්‍රේම්නාත් සී දොලවත්ත – රුපියල් මිලියන 2.3 යි
  7. පියංකර ජයරත්න – රුපියල් 2,348,000
  8. සම්පත් අතුකෝරල – රුපියල් 2,540,610
  9. ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800
  10. විමල් වීරවංශ – රුපියල් 2,954,000
  11. මහාචාර්ය. චන්න ජයසුමන – රුපියල් 3,334,000
  12. අකිල එල්ලාවල – රුපියල් 3,554,250
  13. චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374
  14. චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800
  15. අශෝක ප්‍රියන්ත – රුපියල් 7,295,000
  16. සමන්ප්‍රිය හේරත් – රුපියල් මිලියන 10.52
  17. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් මිලියන 10.55
  18. රෝහිත අබේගුණවර්ධන – රුපියල් මිලියන 11.64
  19. Dr. සීතා අරඹේපොල – රුපියල් මිලියන 13.78
  20. සහන් ප්‍රදීප් – රුපියල් මිලියන 17.13
  21. ෂෙහාන් සේමසිංහ – රුපියල් මිලියන 18.51
  22. ඉන්දික අනුරුද්ධ – රුපියල් මිලියන 19.55
  23. මිලාන් ජයතිලක – රුපියල් මිලියන 22.3
  24. Dr. රමේෂ් පතිරණ – රුපියල් මිලියන 28.1
  25. දුමින්ද දිසානායක – රුපියල් මිලියන 28.8
  26. කනක හේරත් – රුපියල් මිලියන 29.2
  27. ඩී.බී.හේරත් – රුපියල් මිලියන 32.1
  28. ප්‍රසන්න රණවීර – රුපියල් මිලියන 32.7
  29. ඩබ්ලිව්.ඩී. වීරසිංහ – රුපියල් මිලියන 37.2
  30. ශාන්ත බණ්ඩාර – රුපියල් මිලියන 39.1
  31. එස්. එම්. චන්ද්‍රසේන – රුපියල් මිලියන 43.8
  32. සනත් නිශාන්ත – රුපියල් මිලියන 42.7
  33. සිරිපාල ගම්ලත් – රුපියල් මිලියන 50.9
  34. අරුන්දික ප්‍රනාන්දු – රුපියල් මිලියන 55.2 යි
  35. සුමිත් උඩුකුඹුර – රුපියල් මිලියන 55.9 යි
  36. ප්‍රසන්න රණතුංග – රුපියල් මිලියන 56.1 යි
  37. කෝකිලා ගුණවර්ධන – රුපියල් මිලියන 58.7 යි
  38. මොහාන් ද සිල්වා – රු. මිලියන 60.1 කි
  39. නිමල් ලාන්සා – රුපියල් මිලියන 69.2
  40. අලි සබ්රි රහීම් – රුපියල් මිලියන 70.9
  41. ගාමිණී ලොකුගේ – රු. මිලියන 74.9 කි
  42. ජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් මිලියන 93.4 කි
  43. කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් මිලියන 95.9

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *