ගුවන් යානයක් බ්‍රසීලයේ නගරයකට කඩා වැටී 10 දෙනෙක් මරුට
බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නගරයේ ජනාකීර්ණ වීථියකට සැහැල්ලු ගුවන්යානයක් කඩාවැටී අනතුරක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ, මෙම යානය මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ඇතුළු රථවාහන කිහිපයක් මතට කඩාවැටී ඇති බවයි.
යානය කඩාවැටීමත් සමග එම ගුවන්යානය සහ අනතුරට ලක්වූ රථවාහනද ගිනිගැනීමට ලක්ව ඇත.
මෙම සැහැල්ලු ගුවන් යානයේ හිමිකරු ධනවත් නීතීඥවරයෙක් බවට තොරතුරු වාර්තා වේ.