මැයි මාසයේ පළමුවනදා​ට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වේවි – මහින්ද දේශප්‍රිය

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

මැයි මාසයේ පළමු වනදා​ට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ.

පළාත් පාලන පනතේ සංශෝධනය සඳහා කථානායකවරයාගේ සහතිකය ලැබීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට දින 52 ක කාලයක් ගත වන බවද ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව එය සහතික කිරීමට පෙබරවාරි මාසයේ අග දක්වා කල්ගිය හොත් මැතිවරණය සිංහල හින්දු අලුත් අවුරුද්දට පසුව පැවැත්වීමට සිදුවන බවත් එසේ නොවුන හොත් අප්‍රේල් මුල පැවැත්විය හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *