යල කන්නයේදී බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කරනවා – නාමල් කරුණාරත්න
එළැඹෙන යල කන්නය වන විට බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ඒ අනුව හෙක්ටෙයාර් 20000ක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කර ඇති බවත්, එම බඩ ඉරිඟු අස්වැන්න මිලදී ගැනීමට රජය මැදිහත් වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.