ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කරයි

කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිතව ආරක්ෂාව තර කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම මෙම ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ඉදි කෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 06දා සහ 07දා අවස්ථා දෙකකදී ගිනි ගැනීම් වාර්තා වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *