ට්‍රම්ප්ගේ තීන්දුවෙන් ලංකාවේ 4000 ක් අනාථයි

ඇමෙරිකානු රජයේ USAiD ආයතනය (සංවර්ධන ආධාර පිළිබඳ ඇමෙරිකානු ආයතනය) විසින් ලොව විවිධ රටවලට සපයන සංවර්ධන ආධාර අත්හිටුවීමට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය නිසා එම ආයතනයෙන් ආධාර ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන 4000 කට අධික පිරිසකගේ රැකියා අවදානමකට ලක්ව තිබේ.

1961 ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයාගේ පාලන කාලයේ ආරම්භ කළ USAiD ආයතනය විවිධ රටවල රාජ්‍ය නොවන සංවිධාන හරහා මානුෂීය ආධාර, කළමනාකරණ විෂයෙහි වූ ආධාර, ජීවනෝපාය සංවර්ධන ආධාර, සංක්‍රාන්තික යුක්තිය සඳහා වන ආධාර ආදී ක්ෂේත්‍ර රැසකට ආධාර සපයනු ලැබීය. 1961 සිට මේ දක්වා එමගින් ශ්‍රී ලංකාවට ලැබුණු ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් කෝටි 200 ක් හෙවත් රුපියල් කෝටි 35000 ක් පමණය. එහෙත් නව රජය මෙලෙස ආධාර අත්හිටුවීම තුළින් සංවර්ධනය වන රටවල් රැසක්ම දැඩි බලපෑමට ලක්ව තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *