ඇමරිකාවේ නීති විරෝධී ලෙස සිටින ලාංකිකයන් 3,065ක් පිටුවහල් ලැයිස්තුවේ

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3,065 දෙනෙකු සිටින බව එරට ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ඒජන්සිය මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනයේ තවදුරට ත් සඳහන් කර ඇත්තේ, පුද්ගලයන් 1,445,549 සංඛ්‍යාවක් නීතිවිරෝධී ලෙස එරට රැඳී සිටින බව ය.

ඇතැම් රටවල්වලින් ඔවුන් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ නීතිමය මෙන් ම ප්‍රායෝගිකව පවතින ගැටලු නිසා නීතිවිරෝධී ආකාරයෙන් එරට රැඳී සිටින සියලු පුද්ගලයන් කඩිනමින් පිටුවහල් කළ නොහැකි බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

එමෙන් ම, මෙවැනි පුද්ගලයන් පිටුවහල් කිරීමට යම්කිසි කාලයක් ගත වන බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

අමෙරිකාවේ ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සියේ පවසන්නේ, ලේඛනගත නොකළ අනවසර සංක්‍රමණිකයන් වැඩි ම පිරිසක් සිටින රට වන්නේ හොන්ඩියුරාස් රාජ්‍යයෙන් ය. එය සංඛ්‍යාත්මකව 261,651කි.

කෙසේ නමුත්, මෙම නිවේදනයේ අමෙරිකානු රජයේ පියවරට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක් ද දක්වා ඇති අතර එහි ශ්‍රී ලංකාව සඳහන් කර නොමැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *