ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලකුණු 49 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 30 ක් හා නායක චරිත් අසලංක ලකුණු 127 ක් ලබා ගැනීමට සමත් වුණා.

එමෙන්ම පිතිකරණයේදී එෂාන් මාලිංග පන්දු 26 ක් තුළ සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් චරිත් අසලංක සමඟ නව වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක විශිෂ්ට සබඳතාවක් පැවැත්වීමද සුවිශේෂ සිදුවීමක් වුණා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Sean Abbott කඩුලු 3 ක්, Spencer Johnson, Aaron Hardie, Nathan Ellis කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 165 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක් හා අසිත ප්‍රනාන්දු හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *