විශ්‍රාම වැටුප අදියර 03 කින් වැඩි කිරීමට යෝජනාවක්

විශ්‍රාම වැටුප මේ වනවිටත් රුපියල් 3,000 කින් වැඩි කර ඇති බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

කෙසේ නමුත් 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින් 2016 – 2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් වි​ෂමතා ඇති වන බව නිරීක්ෂණය කර ඇති බවයි අද (17) අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන​යේ 3/2016 අනුව 2020 වසරට අදාළ වැටුප් පරිමාණයන්ට අනුරූපව අදියර තුනකින් සංශෝධනය කිරීමට මෙවර අයවැය මඟින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව 2020 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර 03 කින් වැඩි කරන බවයි අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *