අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තැබීමකින් ගණේමුල්ලේ සංජීව මරුට
මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය.
සිද්ධියේදී වෙඩි වැදුණු “ගණේමුල්ල සංජීව” නමැති කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ සංවිධානාත්මක අපරාධකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය තහවුරු කළේය.
වෙඩි තැබීම සිදුකළ ප්‍රහාරකයා නීතිඥවරයෙකු ලෙස පෙනී සිටිමින් අධිකරණ භූමියට ඇතුළු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.


