Champions Trophy තරගාවලියෙන් පාකිස්තානය හා බංග්ලාදේශය ඉවතට

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සත්කාරක පාකිස්තානයට හා බංග්ලාදේශයට සිදුව තිබෙනවා.

ඒ අනුව ඊයේ (24) බංග්ලාදේශය සමග පැවති තරගයේ කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත් සමඟ බංග්ලාදේශයට මෙලෙස ඉවත්වීමට සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ වනවිට A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර, A කාණ්ඩයේ දෙවන ස්ථානයේ ඉන්දීය කණ්ඩායම රැඳී සිටිනවා.

දකුණු අප්‍රිකාව B කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර එහි දෙවැනි තැන රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියාවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *