කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 63.93කින් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,408.94ක් ලෙසයි.
එය 0.39%ක වැඩිවීමක් බවට වාර්තා වේ.
එමෙන්ම අද පිරිවැටුම රුපියල් බිලියන 1.2ක් ලෙස සටහන් වී තිබේ.