‘මග නැඟුම’ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්
‘මග නැඟුම’ සමාගමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු නිලධාරීන් දෙදෙනකු මාර්තු 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.
මග නැගුම හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අබේසිංහ අදිකාරි සහ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) අනගි පුරගේ මයිකල් යන සැකකරුවන් දෙදෙනා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (FCID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2012 සිට 2015 දක්වා කාලය තුළ ව්‍යාපෘති සඳහා මුදල් මුදා හැරීම වංචනික ලෙස අනුමත කරමින් රජයේ මුදල් අවභාවිත කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණි. කෙසේ වෙතත් සිද්ධියට අදාළ පරීක්ෂණ මෙතෙක් අවසන් වී නොමැති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.
ඒ අනුව විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි පොලිසියට නියෝග කළ අතර සැකකරුවන් මාර්තු 03 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය.