ශ්‍රී ලංකාවේ අනාගතය ඉදිරියේදී සුබදායක වේවි – IMF
ශ්‍රී ලංකාවේ අනාගතය ඉදිරියේදී සුබදායි වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසනවා.
ඒ අනුව පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි අද (04) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධ තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
2022 වසරේ ප්‍රථම වරට ඔවුන් මෙරටට පැමිණෙන විට ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි කුමන හෝ පෝලිමක මෙරට ජනතාව රැදී සිටි බවත්, මේ වන විට එම වාතාවරණය යථා තත්ත්වයට පැමිණ ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ දැනටමත් අපේක්ෂිත අරමුණු වලින් අඩක් පමණ මේ වන විටත් ළඟාකර ගැනීමට සමත් වී ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.