ගුරු ගීතය

අතිශය ප්‍රකට රුසියානු සාහිත්‍යකරු චිංගීස් අයිත්මාතව් කිර්ගීසියානු බසින් රචිත පළමු ගුරුවරයා නවකතාව ඇසුරින් උපාලි ගම්ලත් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කල ගුරු ගීතය සිනමා පටය දිවයින පුරා දිවයින පුරා දැන් තිරගත වේ.

ලොව දර්ශනීය ස්ථානයක් ලෙස සැලකෙන , නේපාලයේ අන්න පූර්ණ හිමාල කඳු පංතියේ මන්නාග් සහ ටිලිවෝ යන ප්‍රදේශයන් හී අති රමණීය දර්ශන තලයන් තුලදී මෙය රූපගතකර ඇත . ජාත්‍යන්තර තලයේ සිනමා සම්මාන උළෙලයන් රැසක් නියෝජනය කරමින් ඇගයීමට සහ සම්මානයට පාත්‍ර වූ සිනමා පටයක් ද වෙයි.

පරමාදර්ශී ගුරු භූමිකාවේ කැඩපතක් බඳු වූ දුයිෂෙන් සහ අනන්ත අප්‍රමාණ හිරිහැර කරදර බාධක රැසකට මුහුණ දී ජීවිතය ජයගත් අල්තීනායි මෙහිදී යළිත් ප්‍රේක්ෂකයාට හමුවනු ඇත. ගුරු ගීතය රංගනයෙන් රොෂාන් රවින්ද්‍ර , කල්පනී ජයසිංහ , හයසින්ත් විජේරත්න , ගාමිණී හෙට්ටිආරච්චි , ලංකා බණ්ඩාරනායක , ලක් රුවන් විතානගේ , පූර්ණ ජය ශ්‍රි ඇතුළු දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එක්වී ඇත . උපාලි ගම්ලත් විසින්ම ශබ්ද සංකලනය සහ සංස්කරණය කල මෙහි කැමරාකරණයෙන් කාවින්ද රණවීර , සහය කැමරා කරණයෙන් මංජුල කුමාරසිංහ ,සහය අධ්‍යක්ෂණයෙන් ලක් රුවන් විතානගේ සමගින් ඉසුරු තිසර , කලා අධ්‍යක්ෂණයෙන් පූර්ණ ජය ශ්‍රී , අංග රචනයෙන් තාරක අධිකාරි , සංගීත අධ්‍යක්ෂණයෙන් ලෙළුම් රත්නායක , ගීත රචනයෙන් නුවන් ලියනගේ , ගීත ගායනයෙන් කිත්සිරි ජයසේකර එක්ව ඇති ගුරු ගීතය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු , උපාලි ගම්ලත් සහ ප්‍රෙඩී සෙනෙවිරත්න එක්ව නිෂ්පාදනය කර ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *