ශ්‍රී ලංකාව JICA සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුමකට අත්සන් තබයි
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර සටහන් හුවමාරුවට සමගාමීව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇත.
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා යන මහත්වරු සටහන් හුවමාරුවට අත්සන් තැබූහ.
JICA වෙනුවෙන් JICA හි ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුමට අත්සන් තැබූහ.
බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන්ගේ කොටසක් ලෙස, මෙම ගිවිසුම් නිල ණයහිමියන්ගේ කමිටුව (OCC) විසින් මෙහෙයවනු ලබන ප්‍රතිපත්ති සාකච්ඡාවල වැදගත් පියවරක් සනිටුහන් කරයි.
ඉතිරි ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ඉක්මනින් අවසන් වනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විශ්වාසය පළ කළේය.