Champions Trophy අවසන් මහා තරගය අද
ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගය අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරගය අද දහවල් 2.30 ට ආරම්භවීමට නියමිතයි.
මෙවර තරගය ඩුබායි හිදී පැවැත්වෙනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස් කළ අතර එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් කුසල් ජනිත් පෙරේරා ශතකයක් වාර්තා කළේය….
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම ද අද (24) නම්කළේය. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත්ය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක් ලෙසින් කටයුතු කරන ඇයට මෙම කණ්ඩායමේ හිමිව ඇත්තේ අංක 3 ස්ථානයයි.
ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව සහ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ජාතික ශූරිය වන දිනරා ද සිල්වා කාන්තා විවෘත ඒකල ශූරතාව දිනාගත් අතර SLTA-YETI හාඩ් කෝට් ජාතික ටෙනිස් ශූරතාවලියේ බාලිකා අවුරුදු 16න් පහළ ඒකල ශූරතාව බිෂොප් විද්‍යාලයේ යුහන්සා පීරිස් විසින් හිමිකර ගන්නා ලදී. ඒ ඊයේ කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේදීයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 වසර සඳහා වන නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිත අතර මෙය එම ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණයද වේ. මෙවර ඡන්ද සංඛ්‍යාවද 147 සිට 60 දක්වා අඩුකර තිබෙන අතර නාමයෝජනා භාර ගැනීම ජනවාරි මස 23 දින අවසන් කරන ලදී. වැඩි දුරටත් වාර්තා වෙන්නේ මෙවර නිලවරණය සඳහා…
ICC ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක පාකිස්තානය පරදා ලකුණු 60 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. කරච්චි හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 320 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 47.2 ක් අවසානයේ…
ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන්, සිව් දිනක් පුරා සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (18) අවසන් වුණා. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක්, ලෝකඩ පදක්කම් 04ක් සමගින් සමස්ත පදක්කම් 08 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ 09 වන ස්ථානය ලබා ගැනීමට සමත්වුණා. මෙහිදී ශ්‍රී ලංකාව දිනාගත් සමස්ත…