වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අත්අඩංගුවට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක කරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අද (12) උදෑසන ගල්නෑව ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

එම සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට ඊයේ (11) දිනයේ දී හඳුනාගෙන තිබුණු අතර, ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *