ජාතික සත්ත්ව සංගණනය ආරම්භ වෙයි

ජාතික සත්ත්ව සංගණනය අද (15) උදෑසන 8.00 ට ආරම්භ වුවා.

ඒ අනුව අද (15) පෙරවරු 8.00 සිට 8.05 දක්වා විනාඩි 05 ක කාලයක් තුළ වඳුරා, රිළවා ,මොනරා, දඬුලේනා යන සත්ත්වයන් සම්බන්ධයෙන් මෙම ජාතික සත්ව සංගණනය සිදු වුවා.

ග්‍රාම නිලධාරීන් විසින් ලබාදී ඇති පත්‍රිකාව තුළ අදාළ කාලය තුළ සිය ගෙවත්තට, වගා භූමියට පැමිණෙන වඳුරා, රිළවා, මොනරා, දඬුලේනා යන සතුන් කොපමණ සිටියේද යන්න සටහන් කළ යුතු වනවා.

අනතුරුව සටහන් කළ පත්‍රිකාව ග්‍රාම නිලධාරීන්ට භාරදීමට කටයුතු කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *