යුරෝපයට පළා යාම සඳහා මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 ක් අත්අඩංගුවට
යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ, නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආඬිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටියදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස්, එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේදී සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවද, ඔවුන්ට මෙරට රැඳී සිටීම සඳහා හිමිව තිබූ වීසා කාලය ඉක්මවා ගොස් තිබූ බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
මොවුන් සියලුදෙනා අවුරුදු 20 – 30 අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් වන අතර, ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස් යුරෝපා රටවලට පිවිසීමට සැලසුම් කර තිබූ බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.