බදු ගැන විශේෂ දැනුම් දීමක්

2024 වසරේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගයම මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ 2023/2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු වාර්තා මත ගෙවිය යුතු බද්ද තවදුරටත් ගෙවීමට අතපසු වී ඇත්නම් එය දෙසැම්බර් මස 26 වන දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම ඕනෑම බදු වර්ගයකට අදාළව ගෙවිය යුතු ස්ව-තක්සේරු මත බදු, හිඟ බදු හෝ එකඟ වූ අතිරේක තක්සේරු මත බදු මුදල් දෙසැම්බර් 26 වැනි දිනට පෙර ගෙවීමට අපොහොසත් වන්නේ නම් ඒ සඳහා දඩ සහනයක් ලබා ගත නොහැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

තවද දැනටමත් නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිග බදු අය කර ගැනීම සදහා ක්ශේත්‍ර සමීක්ෂණ කටයුතු හා දේශීය ආදායම් අණ පනත් අනුව නීති කටයුතු කිරීම ආරම්භ කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දැනුම් දී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *