ශ්‍රී ලංකාව හා සම්බන්ධ ලේඛන කිහිපයක් යුනෙස්කෝවේ ලෝක මතක ලේඛනයට ඇතුළත් කරයි

ශ්‍රී ලංකාව හා සම්බන්ධ ලේඛන කිහිපයක් යුනෙස්කෝවේ ලෝක මතක ලේඛනයට (UNESCO’s Memory of the World Register) එක්කර තිබෙනවා.

ඒ අනුව, ස්වාධීන ජාත්‍යන්තර උපදේශක කමිටුවක් විසින් නාමයෝජනා ඇගයීමෙන් පසුව, යුනෙස්කෝ විධායක මණ්ඩලයේ තීරණය අනුව එම එකතු කිරීම් සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙලෙස ඇතුළත් කළ ලේඛණ අතර වන ත්‍රිභාෂා සෙල්ලිපිය චීන, දෙමළ සහ පර්සියානු භාෂා තුනෙන්ම ලියැවුනු සෙල්ලිපියකි. මෙම සෙල් ලිපිය ඇතුළත් ගල් පුවරුව වර්ෂ 1911 දී ගාලු දිසාවේ පලාත් ඉංජිනේරුවරයා වූ H.F. තෝමලින් විසින් සොයාගෙන තිබුණා.

එසේම 1873 දී පානදුර වාදය හා සම්බන්ධ ලේඛන ද යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කර ඇති අතර, පානදුරේ රන්කොත් විහාරයේ තබා ඇති මෙම ලේඛන හතර, අතිමහත් ඓතිහාසික, සංස්කෘතික, අධ්‍යාත්මික සහ බුද්ධිමය වටිනාකමක් දරන බවයි යුනෙස්කෝ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ ලේඛණය සඳහා මෙතැනින් පිවිසෙන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *