ආසියානු යොවුන් ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 08ක්

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන්, සිව් දිනක් පුරා සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (18) අවසන් වුණා.

එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක්, ලෝකඩ පදක්කම් 04ක් සමගින් සමස්ත පදක්කම් 08 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ 09 වන ස්ථානය ලබා ගැනීමට සමත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකාව දිනාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව, ආසියානු වයස අවුරුදු 18න් පහළ ශූරතාවලියකදී දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ද වීම විශේෂත්වයක් වනවා.

රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 12ක් හා ලෝකඩ පදක්කම් 05ක් දිනූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ හිමි කරගත් අතර, ජපානය රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 03ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා එහි දෙවන ස්ථානය හිමි කරගත්තා‍.

රන් පදක්කම් 03ක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 02ක් දිනා ගනිමින් සත්කාරක සෞදි අරාබි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *