ජනපති පළමු නිල සංචාරය ඉන්දියාවට

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්විමෙන් පසුව ප්‍රථම විදෙස් සංචාරය ලෙස අද (දෙසැම්බර් 15 වැනිදා) පස්වරුවේ අසල්වැසි ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සංචරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.
මෙහි දී ඉන්දීය අගමැති හමු වී එකඟතා කිහිපයකට ද එළඹීමට නියමිත බවත් මෙම සංචාරයේ දී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු ම මුණ ගැසීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන සැලකිය යුතු කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ඔහු ඉන්දීය උප ජනාධිපති ශ්‍රී ජග්දීප් දන්කාර්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, සෞඛ්‍ය අමාත්‍ය ජේ.පී. නඩ්ඩා සහ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුවීමට නියමිතය.
සිය න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස දෙරට අතර ආයෝජන සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් නවදිල්ලියේ පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවකට ජනාධිපතිවරයා සහභාගි වනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.