සිරි දළදා වන්දනාවේ එන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක්

සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණිමේදී විශාල ප්‍රමාණයේ ගමන් මළු රැගෙන ඒමෙන් වළකින ලෙස යුද්ධ හමුදා මුලස්ථානය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පෙර දැනුම්දීම් සිදුකළ ද ඒ පිලිබඳව නිසි අවධානයක් යොමුව නොමැති බවට නිරික්ෂණය වන බව ඔවුන් සඳහන් කළේය.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සහ නවාතැන් පහසුකම් සැපයීම යන කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදුකරන බව යුද්ධ හමුදා මුලස්ථානය පැවසීය.

සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දළදා මාළිගය අවට පරිශ්‍රයේ විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක බව යුද්ධ හමුදා මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *