පානදුරේ වෙඩි තැබීමක්
පානදුර, හිරණ ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 35 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.
හිරණ ප්රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ටී -56 ගිනි අවියක් භාවිතා කරමින් වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.