ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ඉවත්වීමට තීරණය කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක Mike Waltz සිය තනතුරෙන් ඉවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට අමෙරිකානු හමුදා එල්ලකළ ප්‍රහාර සැලසුම පිළිබඳ සඳහන් කර තිබූ පණිවුඩ හුවමාරු යෙදවුමක් වන Signal සමූහයක් (Group) වෙත මාධ්‍යවේදියෙකු වැරදීමකින් එක්කිරීම හේතුවෙන් ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ මාධ්‍යවේදියා එම යෙදවුමට අහම්බෙන් එක්කිරීම හේතුවෙන් ඔහු එම යුද රහස් හෙළිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.