සිදුකළ අපරාධවල, වංචාවල ප්‍රමාණය ඔවුන් දන්නා තරමටම අපි කවුද කියලත් ඔවුන් දන්නවා – ජනපති

රට ගොඩනැගීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා එක්වන ලෙස මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අද පළමු වතාවට බලය ලබාගනිමින් රට ගොඩනැගීම සඳහා ජනතාව පෙළගැස්සවීම සඳහා මෙවර මැයි දින රැළිය පවත්වන බවත් අපේ පරම්පරාවට වඩා අනාගත පරම්පරාවට හොඳ රටක් සාදා දීමට සියලු දෙනා පොර බඳිමු ලෙසයි අද (01) ගාලුමුවදොර පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනතාව විසින් පසුගිය සැප්තැම්බර් 21 වනදා මෙරට ජනතාව නිර්භීත තීන්දුවක් ගත් බවත් පරම්පරා ගණනාවක් ඉදිරියට එලා තිබූ බල සිතියම අකුලා පොදු ජනතාව අතට බලය මාරු කිරීමට ජනතාව සමත් වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එම බලය අහිමිවීමේ අදෝනාව මේ වනවිට අසන්නට ලැබෙන බවත් අද ඔවුන් මෙරට පොදු නීතියට යටත්වී ඇති අතර වරප්‍රසාද අහිමිවී නීතිය සමානව ක්‍රියාත්මක වෙමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

බලය අහිමි වූ පිරිස් සිදුකළ අපරාධවල, වංචාවල ප්‍රමාණය ඔවුන් දන්නා අතර ජාතික ජන බලවේගය යනු කවුරුන්ද යන වගත් ඔවුන් හොඳින් දන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තවදුරටත් දේශපාලන ව්‍යාපාර නොමැති බවත් වැල් බයිලා කණ්ඩායම් පමණක් සිටින බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *