පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

ආරක්ෂාව සඳහා යොදවා ඇති සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 65,000 ක් බවත්, අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයින්ගේ සහාය ද ඒ සඳහා ලබා ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *