ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කරන්න ඕනෑම පියවරක් ගන්නවා – මෝදි

ඕනෑම තර්ජනයකින් ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කිරීමට තීරණාත්මක පියවර ගන්නා බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක් වන ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බවත් ඔහු සඳහන් කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, එය මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි මූලධාර්මාත්මක වෙනසක් සහ ප්‍රතිපත්තියක් ද වන බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) එරට ජාතිය අමතම්න්.

එමෙන්ම, සින්දූර් මෙහෙයුම නමක් පමණක් නොව රටේ මිලියන සංඛ්‍යාත ජනතාවගේ හැඟිම් පිළිබිඹු කිරීමක් බව පෙන්වා දෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එම මෙහෙයුම යනු යුක්තිය සඳහා ඉන්දියාවේ නොසැලෙන කැපවීම වන බවයි.

මෙම කැපවීම පසුගිය මැයි 06 වැනි දින රාත්‍රියේ සහ 07 වැනි දින අලුයම් කාලයේදී මුලු ලොවම යථාර්තයක් බවට පත්ව ඇති ආකාරය දුටු බවත් ඉන්දීය හමුදාවන් විසින් පාකිස්ථානයේ ත්‍රස්තවාදීන් සැඟවුණු ස්ථාන සහ ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථානවලට නිවැරදිව පහර දුන් බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම ත්‍රස්තවාදීන් කිසි විටෙකත් ඉන්දියාව මෙතරම් විශාල තීරණයක් ගත හැකි යැයි සිතන්නට නොමැති බවද ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

මේ වන විට පාකිස්තානයට එරෙහිව සිදු කරන ප්‍රහාර නවත්වා ඇති නමුත් ඉදිරි දිනයන් හිදී පාකිස්තානය කුමන පියවර අනුගමනය කරනු ඇත්දැයි ඉන්දියාව නිරීක්ෂණය කරන බවත් පැවසූ ඉන්දීය අග්‍රමාත්‍යවරයා පවසා සිටියේ ඉන්දියාවේ ත්‍රිවිධ හමුදාව, ඇතුළු සියලු ආරක්ෂක සේනා ඒ පිළිබඳව නිරන්තර සීරුවෙන් සිටින බවයි.

එමෙන්ම සින්දූර් මෙහෙයුම අතරතුර මියගිය ත්‍රස්තවාදීන්ට සමුදීමට ඉහළම පාකිස්තාන හමුදා නිලධාරීන් පැමිණි අයුරු ලෝකයම දුටු බවත් එය පාකිස්තානයේ අඳුරු පැතිකඩ ලොවට පෙන්වා දුන් බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසුවේ එය රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදයේ ප්‍රබල සාක්ෂියක් වන බවයි.

එමෙන්ම පාකිස්තාන හමුදාව සහ පාකිස්තාන රජය ත්‍රස්තවාදය දිරිමත් කරන ආකාරය යම් දිනක පාකිස්තානය විනාශය කරනු ඇති බවත් පාකිස්තානයට දිවි ගලවා ගැනීමට අවශ්‍ය නම් ත්‍රස්තවාදී යටිතල පහසුකම් විනාශ කිරීමට සිදුවනු ඇති බවත් පැවසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ ත්‍රස්තවාදය සහ සාකාච්ඡා එකට යා නොහැකි බැවින් සාමය සඳහා වෙනත් මාර්ග නොමැති බවයි.

ඒ අනුව, පාකිස්තානය සමග සාකච්ඡා තිබේ නම් එය හුදෙක් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වූ සාකච්ඡා පමණක් බවත් බුදුරජාණන් වහන්සේ විසින් ඉන්දියානුවන්ට සාමයේ මාර්ග පෙන්වා දී ඇති බැවින් සෑම ඉන්දියානුවෙකුටම සාමයෙන් ජීවත් වීමට හැකි විය යුතු බවත් ඉන්දීය අග්‍රමාත්‍යවරයා ඉන්දීය ජාතිය අමතමින් වැඩිදුරටත් පවසා සිටියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *