ජපන් වාහන සදහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් මෙරට සිටින ජපන් තානාපතිවරයාගේ දැඩි අවධානය

ජපන් වාහන සදහා ආණ්ඩුව විසින් පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් මෙරට සිටින ජපන් තානාපතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇතැයි අනාවරණය වේ.

විශේෂයෙන්ම ජපානයෙන් ආනයනනය කරන විද්‍යුත් වාහන සහ වෙනත් රටවලින් ආනයනය කරනු ලබන විද්‍යුත් වාහන සදහා අය කරනු ලබන බදු ප්‍රමාණයේ වෙනසක් ඇති බවද ජපන් තානාපතිවරයා සදහන් කර තිබේ. ජපානයෙන් ලංකාවට ආනයනය කරනු ලබන විද්‍යුත් වාහන සදහා අධික බදු පනවා තිබෙන බවද ඔහුගේ ස්ථාවරය වී තිබේ.

ලංකාව සහ ජපානය අතර නිදහස් වෙළද ගිවිසුමක් සම්බ්නධයෙන් ලංකාවේ අවධානය යොමු වුවහොත් වාහන ආනයනයේදී අය කරනු ලබන අධික බදු සම්බන්ධයෙන් ජපානය සිය අවධානය යොමු කරන බවද ජපන් තානාපතිවරයා සදහන් කර ඇත.

කෙසේ නමුත් මේ වන තෙක් ලංකාව සමග නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කිරීම පිළිබද අවධානය යොමුවී නැති බවද ජපන් තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *