පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා මඩින්න විමර්ශන ඒකක
පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා තුළ ද ස්ථාපනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අනුමැතිය ලබා දුන්නේ ය.
ඒ, ජනාධිපතිවරයා හා පළාත් ආණ්ඩුකරවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (මැයි 15) පැවති සාකච්ඡාවේදී ය.
ආණ්ඩුකාරවරුන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා විසින් මෙලෙස අනුමැතිය ලබා දෙන ලදී.
පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය හා ඒ සඳහා තිබෙන අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර එම ගැටලුවලට සාධනීය පිලියම් ලබා දීමට ද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේ ය.
පළාත් සභා සඳහා පසුගිය වසරට වඩා තුන්ගුණයක් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බැවින් මේ වසර තුළ එම ප්‍රතිපාදන භාවිත කිරීමේදී පවතින අභියෝග පිළිබඳ ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයා දැනුම්වත් කළහ.
එම ප්‍රතිපාදන විධිමත් අයුරින් කළමනාකරණය කිරීමේ වැදගත්කම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.