නිළි රැජනට බුහුමන් දැක්වීමට ජන ගඟක්
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී මෙම අවසන් කටයුතු සිදු කෙරේ . මේ මොහොත වනවිට අතිවිශාල පිරිසක් ඇයගේ දේහයට අවසන් බුහුමන් දැක්වීම සඳහා පැමිණෙන බව වාර්තා වේ . පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසා දී තිබේ . පස්වරු 3.30 ට දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතය. දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කිරීමට නියමිතව ඇත්තේ පස්වරු 5.45 ට ය.

