කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙනවා – කැබිනට් ප්‍රකාශක

නව කොවිඩ් වෛරසය පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, ඒ පිළිබඳ අනතුරුදායක තත්ත්වයක් තවමත් මෙරටට නොමැති බවත්, නමුත් ගුවන් තොටුපොළ ආශ්‍රිතව එම කටයුතු සඳහා මැදිහත් වෙමින් පවතින බවයි අද (27) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 1,009 දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *