ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා – විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් එරට තානාපති කාර්යාල සමඟ සම්බන්ධතා පවත්වන ලෙසද, යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එම රටවල ජීවත්වන මෙරට පුරවැසියන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන බවයි විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *