හබරණ දිගම්පතහ රක්ෂිතයේ තිබී අලි තුන්දෙනෙකුගේ මළසිරුරු හමුවෙයි
හබරණ දිගම්පතහ රක්ෂිතයේ තිබී මියගිය වන අලි දෙදෙනෙක් සහ දළ ඉවත් කරන ලද හස්තියෙක්ගේ සිරුරු සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම අලින් තිදෙනා මීට ටික කාලයට පෙර මියගොස් ඇති බවයි එසැණ කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.