ඖෂධ ගැන පරීක්ෂා කරන්න ජංගම දුරකථන යෙදවුමක්

ඕනෑම ඖෂධයක් පරීක්ෂා කරගත හැකි SLADA දුරකථන යෙදුම නුදුරේදීම එළිදැක්වීමට නියමිත බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පවසනවා.

ඒ ඔස්සේ තහනම් ඖෂධ සහ භාවිත කළ හැකි ඖෂධ පිළිබඳව සරලව අවබෝධයක් ලබා ගත හැකි බව ද එම ආයතනය පවසනවා.

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා සිංහල මාධ්‍ය ජාත්‍යන්තර පාඨමාලාව අද (28) ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ දී එළිදැක්වීමේ අවස්ථාවේදී මෙම කරුණ සඳහන් වුණා.

මෙම පාඨමාලාව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් සකසන ලද පිරිසිදු ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර පාඨමාලාව ඔන්ලයින් පාඨමාලාවක් වනවා.

එය අවසානයේ දී පිළිගත් සහතික පත්‍රයක් ලබාදීම සිදු කෙරෙනවා.

මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාසල් සිසුන්ට මෙන්ම දැනුම අවබෝධය ලබා ගැනීමට කැමති ඕනෑම අයෙකුට සඳහා සම්බන්ධ විය හැකි බව අමාත්‍යාංශය පවසනවා.

මෙම අවස්ථාවට එක් වූ තරුණ කටයුතු සහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, රජය මැදිහත්වී තහනම් උත්තේජක භාවිතය අවම කරමින් පවතින බවයි.

තරුණ කටයුතු සහා ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ, පාසල් සිසුන්ටද මේ පිළිබඳව අවබෝධය ලබා දෙන වැඩසටහනක් සැලසුම් කිරීමට යෝජනා වී ඇති බවත්, මෙරටට අවශ්‍ය පිරිසිදු ක්‍රීඩාව ඒ ඔස්සේ ගොඩනැගිය හැකි බව‍යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *