හයිටි රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

අපරාධ කල්ලි සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම හේතුවෙන් හයිටි රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම හදිසි තත්ත්වයක් මාස තුනක කාලයක් සඳහා එය බලපැවැත්වෙන බවයි එරට රජය නිවේදනය කර ඇත්තේ රට පුරා සන්නද්ධ කල්ලි සිදුකරන ප්‍රහාරයන් අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් පවත්නා අනාරක්ෂිතභාවයට එරෙහිව සටන් කිරීමට මෙම පියවර ගත් බවයි රජය තවදුරටත් සඳහන් කර සිටින්නේ. මේ වනවිට අර්බුදයකට මුහුණ පා ඇති කෘෂිකර්මාන්තය හා ආහාර හිගතාවයට ඉක්මන් විසදුම් ලබාගැනීමට මෙය උපයෝගී වනු ඇති බවට ද හයිටි රජය විශ්වාසය පළකරනවා.  

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *