ලක්ෂ ගණන් අය කරන ගායක ගායිකාවන්ට, කර්තෘ භාගය ලබාගන්න මැදිහත් වෙන්නවත් කෘතවේදීත්වයක් නෑ – ආචාර්ය රෝහණ වීරසිංහ
ගීතයක කර්තෘ හිමිකම දරන ගී පද රචකයාගේ සහ සංගීතඥයන්ගේ අයිතීන් සුරක්ෂිත කරන ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනිව ඇතැම් පිරිස් කටයුතු කරන බව ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ හා සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා.
ගීතයක කර්තෘ හිමිකම ඇත්තේ ගීත රචකයාට හා සංගීතවේදියාට බවත්, ගායකයාට ද කිසියම් බුද්ධිමය දේපළ අයිතියක් ඇති බවත් ප්‍රවීණ ගීත රචක නිලාර් එම්. කාසිම් මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියා.
ඒ අනුව, ඔහුට හෝ ඇයට යම් තැනක ගීතයක් ප්රසාංගිකව ඉදිරිපත් කර මුදල් ඉපයීමේ අයිතියක් ඇති බවද, නමුත් බුද්ධිමය දේපළ හිමිකාරිත්වය ඇති අයගේ නිර්මාණ වෙනත් තැන්වල භාවිතා කරනවා නම්, ඊට අදාළ නිශ්චිත වටිනාකමක් කර්තෘ හිමිකාරිත්වය දරන අයට ලබාදිය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.
ආරම්භක යුගයේ අවම මුදලක් අය කළ ගායක ගායිකාවන්, අද වන විට දේශීය වශයෙන් රුපියල් ලක්ෂ 05 සිට 10 දක්වා ද, ජාත්‍යන්තරව ඩොලර් 5,000 සිට ඩොලර් මිලියනය දක්වා ද අය කරන බවත්, කතුවරුන්ට ගෙවීමක් සිදු කරන ලෙසට ප්‍රසංග සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටීමට මැදිහත් වන ලෙස ගායක ගායිකාවන්ගෙන් ඉල්ලා සිටියද, ඔවුන් එයට මැලිකමක් දක්වන බවත්, ඒ සඳහා කෘතවේදීත්වයක් ඔවුන්ට නොමැති බවයි ප්‍රවීණ සංගීත අධ්යක්ෂ, ආචාර්ය රෝහණ වීරසිංහ මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.