සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන වන සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කරනවා – ජනපති

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව, ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම, කිසිවක් අදාළ නොවන බවත්, නීතිය ඉදිරියේ සෑම දෙනාම සමාන විය යුතු බවත් අද (26) කොළඹදී පැවති ජාතික භික්ෂු දින සැමරුම් උත්සව අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

එමෙන්ම, කිසියම් දිනයක අපරාධයකට, දූෂණයකට, බලය අයුතු ලෙස භාවිත කිරීමකට හෝ මහජන ධනය අවභාවිත කිරීමකට කවරකු හෝ කටයුතු කරන්නේ නම්, ඒ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට උපරිම ආකාරයෙන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එය පළිගැනීමක් හෝ දඩයම් කිරීමක් නොවන බවත්, සමාජයට යළි නීතිය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳ හැඟීමක් සහ විශ්වාසයක් නිර්මාණය කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *