ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු බොහොමයක් නීති විරෝධී බව ඇමරිකානු අභියාචනාධිකරණය තීන්දු කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විවිධ රටවල් වෙනුවෙන් පනවන ලද තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත්, ජනාධිපති බලතල ඉක්මවා ගොස් ඇති බවත්, එක්සත් ජනපද අභියාචනාධිකරණයක් තීන්දු කර තිබේ.

වෙළඳ අසමතුලිතතාවයක් එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට හානිකර බව තර්ක කරමින් ට්‍රම්ප් වෙළඳාම සඳහා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබුමුත්, එනමුත් අධිකරණය තීන්දු කළේ තීරුබදු පැනවීම ජනාධිපතිවරයාගේ වරම තුළ නොමැති බවත්, බදු නියම කිරීම මූලික කොංග්‍රස් බලයක්වන බවත්ය.

මෙම තීන්දුව ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය උඩු යටිකුරු කළ හැකි අතර තර්ජනවලට එරෙහිව ක්‍රියා කිරීමට ජනාධිපතිවරයාට බලය ලබා දෙන ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) යටතේ ට්‍රම්ප් තීරුබදු සාධාරණීකරණය කර තිබු මුත්, ඒවා නීතිය පටහැනි බැවින් අවලංගු බව ප්‍රකාශ කර ඇත.

නඩුව නැවත ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීම වෙනුවෙන් පරිපාලනයට කාලය ලබා දීම සඳහා ඔක්තෝබර් 14 වන දින දක්වා තීන්දුව ක්‍රියාත්මක නොවන අතර මෙම තීන්දුව නිකුත් වන්නේ කුඩා ව්‍යාපාර සහ එක්සත් ජනපද රාජ්‍ය සන්ධානයක් විසින් ගොනු කරන ලද නඩු දෙකකට ප්‍රතිචාර වශයෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *