දසවැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා
ගරු (ආචාර්ය) ජගත් වික්‍රමරත්න දසවැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස තේරී පත්වේ
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 86 (7) වගන්තිය යටතේ අනේවාසික පුද්ගලයෙකුට කිසියම් ගෙවීමක් සඳහා බදු රඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය සඳහන් කරන නිවේදනයක් නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නිවේදනය කළේය. . මෙම දැනුම්දීම අනේවාසික පුද්ගලයන්ට සහ ආයතනවලට කරන ලද ගෙවීම් සඳහා බදු රඳවා ගැනීමේ සවිස්තරාත්මක පියවර සහ…
ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල රුපියල් 40කින් පහත දමා තිබේ. එහි නව මිල වන්නේ රුපියල් 300 ක් ලෙසයි. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට (17) සිට ලබා ගත හැක.
පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. මැයි මාසයේ පළමු වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ. පළාත් පාලන පනතේ සංශෝධනය සඳහා කථානායකවරයාගේ සහතිකය ලැබීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වීමට මැතිවරණ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපීපෙනෙන ඉහළයාමක් වාර්තා කළා. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස් ඒකක 16,152.35 ක් ලෙසත් S & P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන්ව තිබෙනවා. රු. බිලියන 4.44 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින…
පොලිතීන් හා ප්ලාස්ටික් මගින් පරිසරයට සිදුවන හානිය වැළැක්වීමේ අරමුණෙන් මධ්‍යම පරිසර අධිකාරිය හා “Clean Sri Lanka” වැඩසටහන එක්ව නව වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ඒ අනුව පොලිතීන් හා ප්ලාස්ටික් අනිසි ලෙස භාවිතය මගින් සිදුවන ව්‍යසන තත්ත්වයන් පිළිබඳව නිෂ්පාදකයින්, වෙළෙඳ සැල් හිමියන්, වෙළෙඳ කාර්ය මණ්ඩල සහ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව සඳහන්. මධ්‍යම…
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මෙම වසරේ මුල් මාස හය සඳහා සාමාන්‍ය 20% කින් විදුලි ගාස්තු අඩු කරන බව නිවේදනය කර ඇත. සංශෝධිත ගාස්තු අද (ජනවාරි 17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව PUCSL හි සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් තහවුරු කළේය.