ඇමති බිමල් රත්නායක සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාව සමග ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් රැකගැනීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය නොඅඩුව ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා.

ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා හමුවූ අවස්ථාවේදීයි.

එම හමුව බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශයේදී සිදුව තිබෙනවා.

එහිදී දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ අවදානයක් යොමු වූ බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පැවසුවේ.

මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේදීයි. ආහාර සුරක්ෂිතාවය, වෛද්‍ය විද්‍යා පර්යේෂණ සහ ආයුර්වේද සම්ප්‍රදායන් අතර දැනුම හුවමාරුව, ක්‍රීඩා, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට එරට මහ කොමසාරිස්වරයා එකඟතාව පළ කර තිබෙනවා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *